SONY සමාගමේන් අගර දඟර Music Player පොඩ්ඩෙක් !

ආයුබෝවන් යාලුවනෙ! මගෙ නම චරිත් මධුෂාන්.  ඔන්න අද මම ඔයාලට ගෙනාවෙ  MP3 Player එකක් ගැන. මෙක නිකම්ම නිකම් Player එකක් නෙවයි අඟර දඟර Dance දාන  Player එකක්. මෙයාගෙ  නම  ROLLY! 



මෙයා ගැන කියනවනම් මෙයා හඳුන්වා දුන්නෙ 2008 අවුරුද්දේ ජපානයේ  SONY සමාගමේන්. මේක බිත්තරයක හැඩයෙන් යුත් Robotic music player එකක්. අපි මේ player එකට දාන ඕනෙම ශබ්දයකට/සින්දුවකට ඊට ගැලපෙන විදියට කැරකිල, ඇඹරිල, උඩපැනල, පාට පාට එලි විහිදුවල ලස්සනට නටන්න පුලුවන්.
අපි මෙකට සින්දු ඇතුලත් කරන විට, මෙහි අන්තර්ගත Choreographer software එකකින් එම සින්දුවට අනුරූප වෙන විදියට ලස්සන නැටුමක් සකසල  ඒ නැටුම නටන එක තමා මෙයා කරන්නෙ. එ වගේම මෙයාගෙ වටෙ තියෙන LED වලින් වර්ණ වර්ග 700 වඩා වැඩි ගනනක් යුත් වර්ණ රටා නිකුත් කරන්න පුලුවන්.  

මෙයාට USB හෝ  Bluetooth මගින් සින්දු ඇතුලත් කරන්න පුලුවන්. ඒවගේම Bluetooth මගින් Smart Phone එකකට සම්බන්ද කරගෙන අපිට කැමති විදියට මෙයාව පාලනය කරන්නත් පුලුවන්. 
මෙයාගෙ අන්තර්ගත වෙනව 2GB මතක ධාරිතාවක්. එනිසා සින්දු  500 කට වඩා ඇතුලත් කරන්න පුලුවන්. මෙහි Li-ion වර්ගයෙ නැවත ආරෝපන කල හැකි බැටරියක් තමා අන්තර්ගත වෙන්නෙ. ඒනිස  එක දිගට පැය 5 මිනි:15  ක් මෙයාගෙ ලස්සන වැඩ බලන්න පුලුවන්. මෙයාගෙ බර 296g පමණ නිසා පහසුවෙන් ඕනෙතැනක සාක්කුවෙ දාගෙන යන්නත් පුලුවන්. එවගෙම මෙයාගෙ 2.4 watt  කින් යුත් ඉතා සුපැපැදිලි ලෙස ශබ්දය නිකුත් කරන්න පුලුවන් Amplifier එකක් අන්තර්ගතවනව. තවද මෙයාගෙ G sensor එකක් තියෙන නිසා ඕනෙ තැනෙක (මේසයක් උඩ, පඩිපෙලක, පල්ලමක...) තියල බය නැතුව මෙයාගෙ වැඩ කිඩ බලන්න පුලුවන්. 
නමුත් මෙයාගෙ වැඩ වගෙම තමා ගානත්! මෙයාව SONY සමාගම අලෙවි කරන්නෙ $399 (Rs 51870) වගෙ මුදලකට  තමා. 

මෙයා ලස්සන වැඩ පහල video වලින් බලන්නකො!

 මගෙ පෝස්ටුවෙන් ඔයාලට දැනුමට යමක් ලැබුන කියල මම හිතනව! පුංචි comment එකකින් ඔයාලගෙ අදහස් කියනව නම් මම ගොඩාක් කැමතියි! එහෙනම් තවත් මේ වගෙ අලුත් වැඩකෑල්ලක් ගැන පොස්ටුවකින් ආයෙ හමුවෙමු!  ස්තුතියි යාලුවනේ!  

0 comments:

Post a Comment

thank you your comment