windows 7 වල log on screen photo එක software නැතුව වෙනස් කරන්නේ මෙහෙමයි



හැමදාම දකින කුකුලගේ කරමලේ වගේ එකම photo එකක් දකින කොට කාට උනත් එපා වෙනවනේ .
ඒක ඉතින් අමුතුවෙන් කියන්නදෙයක් නෙවෙයිනේ .ඔන්න ඒ කරදරෙනුත් බේරෙන්න නියම ට්‍රික්  එකක් හමු උනා .මේකෙදි computer එක on වෙනකොට වැටෙන පින්තුරේ මාරු කරන්න පුළුවන් . තවත් විශේෂත්වයක් තමයි මේක කරන්න කිසිම software එකක් ඕන වෙන්නේ නැති එක .
පළමුව මෙම වීඩියෝව බලන්න (අනිවාර්යයි )



ඕනමනම් හැමදාම උනත් photo එක මාරු  කර කර ඉන්න පුළුවන් .මේක කරන්න regedit වලින් HKEY-LOCAL-MACHINE/SOFTWARE/microsoft/windows/current version/Authentication/Logon UI/background කියන තැනට ගිහිල්ල OEMbackground නමින් DWORD එකක් හදල ඒක ඩබල් click කරලා value dataකියන තැනට 1 දීල ok කරන්න .ඊටපස්සේ  අපට ඕන photo එක C:\Windows\System32\oobe\info\backgrounds කියන තැනට copy past කරන එක විතරයි කරන්න තියෙන්නේ . හැබැයි මතක තියාගන්න ඕන photo එකේ නම backgrounddefault.jpg විදියට rename කරලා තමයි මම කලින් කියපු folder එකට past කරන්න ඕන .

දැන් වැඩේ ඉවරයි . දැන් computer එක ලොග් off කරලා හරි restart කරලා හරි බලන්න

සැ.යු  ඉහත කී regedit  සිදු කරන ආකාරය නොතෙරේනම් මෙම ක්‍රියාවලිය සිදු කිරීමෙන් වලකින්න. එයට හේතුව ඔබ අනවශ්‍ය regedit වෙනස් කිරීමක් සිදු කළහොත් ඔබගේ පරිගණකය ක්‍රියා විරහිත වීමට ඉඩ ඇති බැවිනි . වීඩියෝව බලන්න අනිවාර්ය කලේ ඒ නිසා .වීඩියෝ එක විදියට වැඩේ කරනවනම් වරදින්නේ නෑ .

0 comments:

Post a Comment

thank you your comment