
මෙයා ගැන කියනවනම් මෙයා හඳුන්වා දුන්නෙ 2008 අවුරුද්දේ ජපානයේ SONY සමාගමේන්. මේක බිත්තරයක හැඩයෙන් යුත් Robotic music player එකක්. අපි මේ player එකට දාන ඕනෙම ශබ්දයකට/සින්දුවකට ඊට ගැලපෙන විදියට කැරකිල, ඇඹරිල, උඩපැනල, පාට පාට එලි විහිදුවල ලස්සනට නටන්න පුලුවන්.
අපි මෙකට සින්දු ඇතුලත් කරන විට, මෙහි අන්තර්ගත Choreographer software එකකින් එම සින්දුවට අනුරූප වෙන විදියට ලස්සන නැටුමක් සකසල ඒ නැටුම නටන එක තමා මෙයා කරන්නෙ. එ වගේම මෙයාගෙ වටෙ තියෙන LED වලින් වර්ණ වර්ග 700 වඩා වැඩි ගනනක් යුත් වර්ණ රටා නිකුත් කරන්න පුලුවන්.
මෙයාට USB හෝ Bluetooth මගින් සින්දු ඇතුලත් කරන්න පුලුවන්. ඒවගේම Bluetooth මගින් Smart Phone එකකට සම්බන්ද කරගෙන අපිට කැමති විදියට මෙයාව පාලනය කරන්නත් පුලුවන්.

නමුත් මෙයාගෙ වැඩ වගෙම තමා ගානත්! මෙයාව SONY සමාගම අලෙවි කරන්නෙ $399 (Rs 51870) වගෙ මුදලකට තමා.
මෙයා ලස්සන වැඩ පහල video වලින් බලන්නකො!
මගෙ පෝස්ටුවෙන් ඔයාලට දැනුමට යමක් ලැබුන කියල මම හිතනව! පුංචි comment එකකින් ඔයාලගෙ අදහස් කියනව නම් මම ගොඩාක් කැමතියි! එහෙනම් තවත් මේ වගෙ අලුත් වැඩකෑල්ලක් ගැන පොස්ටුවකින් ආයෙ හමුවෙමු! ස්තුතියි යාලුවනේ!
0 comments:
Post a Comment
thank you your comment