ස්කයිප්Account කිහිපයක් ඇති ගෑනු ලමයාට එකයි යාළුවන්ට එකයි ගෑනු ලමයගෙ ගෑනු ලමයාට තව එකයි ස්කයිප් අකවුන්ට් ගොඩයි. ඉතින් මේ ඔක්කෝම එක්ක එක පාර චැට් කරන්න බෑනෙ මොකද එක Account එකකට විතරයි ලොග් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු පොඩි වැඩක් දීලා ස්කයිප් වින්ඩෝස්
කිහිපයක් ඕපන් කරගන්න හැටි. මහ දෙයක් නෑ ඉතින් ඔයාලට මම හොයලා කියන නිසා. මේකයි සීන් එක යන්න ඔයාගෙ ස්කයිප් ඉන්ස්ටෝල් කරලා තියන තැනට උදාහරනයක් විදියට මගෙ ස්කයිප් ඉන්ස්ටෝල් කරලා තියන්නේ මෙතන(C:Program Files (x86)Skype)… හරි ඔයාලත් හොයාගෙන ස්කයිප් තියන තැනට ගියා කියලා හිතමු.. ඔතන තියනවා නේද මොබයිල් තියලා ෆෝල්ඩර් එකක් යමු ඒක ඇතුලටත්.. අන්න තියෙනවා ස්කයිප් ඇප් එක අපි රන් කරන…
හරි දැන් මේකෙ ෂෝට් කට් එකක් හදා ගමු.. රයිට් ක්ලික් කරලා ක්‍රියේට් ෂෝට් කට් කියලා ගියානම්.. ඔයාට එයි ඩෙක්ස්ටොප් එකේ ෂෝට්කට් එක හදන්නද කියලා ඩයලොග් බොක්ස් එකක් මෙන්න මේ වගේ..
මොකක්ද සීන් එක මෙතන හදන්න බෑ ඩෙක්ස්ටොප් එකේ හදන්නද කියලානෙ අහන්නෙ හරි එහෙනම් යර්ස් කරලා ඩෙක්ස්ටොප් එකේ හදාගමු.. දැන් ඉතින් තියෙන්නේ ඩෙක්ස්ටොප් එකේ හැදිච්ච එක මෙතන්ට ඇදලා දාන එක.. එතකොටත් එකක් එයි කන්ටිනිව් දෙන්න… දාන් අපේ ෂෝට් කට් එක රයිට් ක්ලික් කරලා ප්‍රොපටීස් යන්න… එයි මෙහෙම එකක්…එකේ මම පෙන්වලා තියෙන වෙනස්කම කරන්න…
මොකද කරලා තියෙන්නේ කියලා කිව්වොත් මම ටාගට් එක චේන්ජ් කරලා තියෙනවා සෙකන්ඩ්රි කියලා හරියට මෙන්න මේ විදියට ගහන්න (/secondary) ඕකේයි… දැන් වැඩේ හරි අලුතින් හදාගත්තු ෂෝට් කට් එක ඕපන් කරලා බලන්න ස්කයිප් අලුත් වින්ඩෝ එකක් එයි. ඒකෙන් අනිත් අකවුන්ට් එකට ලොග් වෙන්න හොරා වගේ. ඉතින් තව ඕන නම් ඔරිජිනල් එකෙන් තව ෂෝට් එකක් අරන් ආයෙත් අර විදියටම සෙකන්ඩ්රි කියලා දීලා ලොග්වෙන්න..