iOS 7 Bugs: Lock කෙරූ iPhone එකකින් වුවත් ඕනෑම කෙනෙක්ට call ගත හැකියි


Second iOS 7 Lockscreen vulnerability lets intruders to make calls from locked iPhone iOS 7 Bugs: Lock කෙරූ iPhone එකකින් වුවත් ඕනෑම කෙනෙක්ට call ගත හැකියි
iPhone හා iOS 7 හි නිකුතුවත් සමඟම එහි පවතින්නාවූ අඩුපාඩු , වැරදි , දෝෂ, අනාරක්ෂිත ක්‍රියාකාරකම් ඉදිරිපත් වීම සුලභ දෙයක් වුනා. එලෙස ඉදිරිපත් වූ ” ඕනෑම කෙනෙකුට lock screen එක bypass කිරීමට හැකියි හා එමඟින් පරිශීලකයාගේ පෞද්ගලික දත්ත ලබා ගත හැකියි ” යන දෝෂය දැනට සති දෙකකට පෙර නැවත සකසනු (fixed) ලැබුවා. එත් සමඟම අද වන විට iOS 7 තවත් දුර්වල ස්ථානයක් සොයා ගැනීමට Karam Daoud සමත් වී තිබෙනවා.

පලස්තීනයේ Ramallah හි West bank නුවර සිටින 27 හැවිරිදි Karam Daoud මෙම සොයා ගැනීම සිදු කරනු ලැබුවා. ඔහු මෙහිදී පවසා සිටින්නේ lock කරනු ලැබූ iPhone එකකින් ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක දුරකථන ඇමතුමක් ලබා ගත හැකි බවයි. මෙම දෝෂය නිසා සාමාන්‍ය දුරකථන ඇමතුම් වගේම international calls , premium calls ද මේ ආකාරයෙන් ලබා ගත හැකි බවයි පැවසෙන්නේ.
පහත ඇති වීඩියෝවෙන් Karam Daoud පෙන්වා සිටින්නේ iOS 7 භාවිතා වන iPhone එකකින් එය lock කර පවතින අවස්ථාවක එහි emergency calling විශේෂාංගය භාවිතයෙන් වෙනත් දුරකථන අංකයකට ඇමතුමක් ලබා ගන්නා ආකාරයයි.
මෙහිදී ඔහු සිදු කරන්නේ ඇමතුම ලබා ගතයුතු දුරකථන අංකය dial කර ශ්‍රීඝ‍්‍රයෙන් call button එක tap කිරීමයි. මෙය Apple Logo එක සමඟ හිස් තිරය පැමිණෙන තුරුම සිදු කල යුතු අතර එම හිස් තිරය පැමිණි පසු ඉහත dial කල දුරකථන අංකයට ඇමතුම යැවීම සිදු වෙනවා.
මෙහි සත්‍යතාවය Forbes හි රචකයෙක් වෙනස් networks දෙකක තිබෙන iphone 5 දුරකථන දෙකක් භාවිතයෙන් පරීක්ෂා කර ඇති අතර එහිදී ද මෙම දෝෂය මේ ආකාරයෙන්ම ඔහුට දැක ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
Daoud විසින් මෙම දෝෂය Apple සමාගමට වාර්තා කර ඇති අතර සුපුරුදු පරිදි ඔවුන් මෙයට පිළිතුරු දී ඇත්තේ මී ළඟ software update එකේදී මෙම දෝෂය fix කරන බවටයි.