Google Chrome වල අලුත් Tab Page එකට අකමැතිද? එහෙමනම් පරණ Design එකට දැන්මම මාරු වෙන්න





Google Chrome නව සංස්කරණය සමගින් අලුත් “Tab Page” එකක් හදුන්වා දෙනු ලැබුවා. බොහෝ දෙනෙක් මේ නව වෙනස්කමට කැමතියි වගේම තවත් බොහෝ පිරිසක් එයට අකමැතියි. ඉතින් ඔබත් මේ නව “Tab Page” එකට එකමතියි නම් මේ ලිපිය ඔබට වැදගත් වේවි. මේ ලිපියෙන් මම ඔබට කියන්න යන්නේ කිසිදු extension එකක සහයක් නොමැතිව කලින් තිබූ පෙනුම පහසුවෙන් නැවත ලබාගත හැකි ආකාරයක් පිලිබදවයි. එහෙමනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා..
Untitled4 Google Chrome වල අලුත් Tab Page එකට අකමැතිද? එහෙමනම් පරණ Design එකට දැන්මම මාරු වෙන්න

Google Chrome හි නව “Tab Page” design එක වෙනුවට පරණ design එක නැවත ලබා ගන්නා ආකාරය.


1. මුලින්ම Google Chrome හි නව tab එකක් open කරගන්න.
2. “chrome://flags/#enable-instant-extended-api” යන්න copy කරගෙන URL bar එකේ paste කර enter key එක ඔබන්න.
3. එවිට ලැබෙන window එකෙහි “Instant Extended API” යටතේ තිබෙන drop down box එක click කර “Disable” යන්න තෝරන්න.
Untitled11 Google Chrome වල අලුත් Tab Page එකට අකමැතිද? එහෙමනම් පරණ Design එකට දැන්මම මාරු වෙන්න
4. අනතුරුව වම් පස පහල කෙලවරේ තිබෙන ‘Relaunch Chrome’ යන button එක click කරන්න.
දැන් ඔබ අලුත් tab එකක් open කර බැලුවොතින්, නව Tab page design එක වෙනුවට පහත රුපයේ පරිදි මීට පෙර Chrome සංස්කරණයන්හි තිබූ tab page design එක chrome වෙත නැවත ලැබී තිබෙන බව දැකගන්නට පුළුවන්.
Untitled21 Google Chrome වල අලුත් Tab Page එකට අකමැතිද? එහෙමනම් පරණ Design එකට දැන්මම මාරු වෙන්න