Facebook Graph Search වඩා බලවත් වෙයි, ඔබේ Privacy Settings නැවත සැකසීමට කාලයයි


Facebook Updates Graph Search Facebook Graph Search වඩා බලවත් වෙයි, ඔබේ Privacy Settings නැවත සැකසීමට කාලයයි...!
Facebook Graph Search වෙන කවරදාටත් වඩා ඉතා බලවත් ලෙස සංවර්ධනය වී ඔබ වෙතට නිකුත් වී තිබෙනවා. එය නොසිතු විරූ ආකාරයකට මිනිසුන්ගේ දත්ත වඩා සුක්ෂම ලෙස සෙවීමට හැකි ආකාරයෙන් නවීකරණය කර තිබෙනවා.
මේ වන විට facebook විසින් ඔවුන්ගේ Graph Search විශේෂාංගයට “posts” සහ “status updates” ද එක කර තිබෙනවා. එනම් ඔබ විසින් පළ කරනු ලබන ඕනෑම දෙයක් සොයා ගැනීම වෙනදාට වඩා ඉතා පහසු වී තිබෙනවා.

Facebook මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටින්නේ,
“Now you will be able to search for status updates, photo captions, check-ins and comments to find things shared with you,”
උදාහරණයක් ලෙස ඔබට පුළුවන් “Posts by my friends from last month,” හෝ “Posts written at The White House” වැනි දෙයක් enter කර ඔබට අවශ්‍ය තොරතුරු වඩා පහසුවෙන් හා ඉක්මනින් සොයා ගැනීමට.
Graph search facebook Facebook Graph Search වඩා බලවත් වෙයි, ඔබේ Privacy Settings නැවත සැකසීමට කාලයයි...!
Facebook විසින් මෙලෙස ඔවුන්ගේ සෙවුම් යන්ත්‍ර බලවත් කිරීමත් , වඩ වඩාත් සංවර්ධනය කිරීමත් සමඟම අපගේ ජීවන දත්ත , අපගේ සිතුම් පැතුම් තවදුරටත් සංඛ්‍යාංක වශයෙන් වර්ග වීමත් ඒවා ලැයිස්තු ගත වීමත් සිදුවන බව අප විසින් තේරුම් ගත යුතු කරුණක් වෙනවා.
Facebook විසින් සෙවිය හැකි තොරතුරු ප්‍රමාණය පුළුල් කිරීමත් සමඟම භාවිතා කරන්නන්ගේ පෞද්ගලිකත්වය පිලිබඳ විවිධ වූ ගැටළු මතු වීමට බොහෝ අවස්ථා තිබෙනවා. එමනිසා Facebook භාවිතා කරන්නෙක් ලෙස ඔබටත් සිදුවෙනවා ඔබේ privacy settings වෙනස් කරමින් ඔබ පලකරන ඕනෑම post එකක් හෝ status එකක් හෝ තුලින් ඔබව සෙවීමට සැරසෙන පිරිස සීමා කිරීමට.
එහි පළමු පියවර ලෙස ඔබේ Facebook ගිණුමේ පහත දැක්වෙන දත්ත නැවත නිරීක්ෂනය කරන්න.
timeline review Facebook Graph Search වඩා බලවත් වෙයි, ඔබේ Privacy Settings නැවත සැකසීමට කාලයයි...!
Privacy Settings Facebook Graph Search වඩා බලවත් වෙයි, ඔබේ Privacy Settings නැවත සැකසීමට කාලයයි...!
Facebook හි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට තවත් ක්‍රම කිහිපයක් මෙසේයි :-
    • ඔබ විසින් share කල හෝ ඔබව  tag වී තිබෙන photos නැවත නිරීක්ෂනය කරන්න.
    • ඔබගේ Activity Log එක check කරන්න.
    • ඔබට අවශ්‍ය නැති, ඔබව සෙවීම සඳහා භාවිතා නොකළ යුතු photos වල ඇති tags ඉවත් කර දමන්න.
    • ඔබට ඔබේ පරණ posts වල settings වෙන වෙනම සැදීමට අසීරු නම් Limit old posts විශේෂාංගය තුලින් ඒවා සීමා කරන්න.
    • ඔබ නන්නාදුනන පුද්ගලයන්ගෙන් ඔබේ කතා බහ හා ඔබේ දත්ත වලින් ඉවත් කර තැබීමට අවශ්‍ය නම් hashtags භාවිතා නොකරන්න.
    • Graph Search විසින් ඔබ විසින් පල කරන comments ද ලැයිස්තු ගත කරනවා. ඔබ ඔබේ profile එකේ comment කලත් මිතුරෙකුගේ profile එකක comment කලත් මෙලෙස index කිරීම සිදුවෙනවා. එම නිසා ඔබේ comments පරීක්ෂා කිරීමට ඔබේ Activity Log  එකට ගොස් Comments වලින් sort කරන්න. මෙම විශේෂාංගය ඔබට වම් පස තීරුවේ තිබෙනු ඔබට දැක ගත හැකියි.
සයිබර් අවකාශය තුල ඔබේ ආරක්ෂාව සඳහා වඩා වැදගත්ම දෙය වන්නේ ඔබේ privacy settings  නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමයි. විශේෂයෙන්ම නව විශේෂාංගයක් හදුන්වා වා දුන් විට මෙලෙස නිරීක්ෂනය කිරීම ඔබ විසින් සිදු කල යුතුමයි.