
ඔයාලගේ Symbian NOKIA ෆෝන්ස් වල Delete කරපු SMS නැවත ලබාගන්න හැටි ගැන. ඒ කියන්නේ SMS Recovery කරන විදිහ ගැන.
මේක නිකමට වගේ ට්‍රයි කරලා බලන්නත් පුළුවන්. ඊටත් වඩා මම හිතනවා ඔයාලට මේක හුගාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද මම දන්නවා හැමෝටම වගේ කෙල්ලෙක් ඉන්නවා (කොල්ලන්ට හරිද). . ඒ නිසා මට හිතුනා මෙහෙම පොස්ට් 1ක් දැම්මොත් හුඟක් වටීවි කියල.
හරි දැන් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. හැබැයි මේක Symbian 3rd Edition ෆෝන් වලට වැඩ කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම මේ පහල තියන ලින්ක් එකෙන් FExplorer මෘදුකාංගය බාගත කරගෙන ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. Data කැපෙන එක ගැන වදවෙන්න එපා. මේක 119kb ක පුංචි මෘදුකාංගයක්.

හරි දැන් එහමනම් වැඩේ කරන්න තියෙන්නේ ෆෝන් එකෙන්. අර ඉන්ස්ටෝල් කරගත්තු සොෆ්ට්වෙයා එක දැන් ඕපන් කරගන්න, මෙන්න මේ විදිහට.
Menu > My own > FExplorer


ඊට පස්සේ,
C:\System\Mail යන්න. මේ ෆෝල්ඩර් එකේ තියෙන්නේ ෆෝන් එකෙන් Delete කරපු Messages.

හරි දැන් මේ පහල තියෙන විදිහට, කැමති ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්න. පලවෙනි ෆෝල්ඩර් එකෙන්ම පටන්ගත්තොත් වඩාත් හොඳයි.
Ex: C:\System\Mail\00001001_S\0\

හරි. දැන් කරන්න තියෙන්නේ, මේ පහල තියෙන විදිහට එකින් එක,
Options > File > Editor / Viewer > ANSI Editor දෙන්න.

හරි දැන් ඔන්න ඉතින් මොනවදෝ ඕපන් වෙලා ඇති. දැන් ඔය ඇවිත් තියෙන Text එකේ ටිකක් දකුණු පැත්තට යන්න. දැන් ඔයාලට පෙනෙනවා ඇති Message එක. හරි දැන් තව ටිකක් දකුණු පැත්තට ගිහින් බලන්න ඔයාට Number එකත් හම්බ වේවි.

0 comments:
Post a Comment
thank you your comment