හොඳම මෘදුකාංග 10ක්

                                         Younite-by-F-secure
පරිගණක තාක්ෂණය අනෙක් ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව ඉතාමත් ඉක්මනින් වෙනස් වන හා දියුණුවට පත් වන ක්ෂේත්‍රයක්. අලුත් තාක්ෂණයන්, අලුත් මෘදුකාංග හා අලුත් සංකල්ප අපට නිතරම අත්දැකීමට ලැබෙනවා. මේ ලිපියෙන් අප අවධානය යොමු කළා පසුගිය ඉරිදායින් අවසන් වූ සතියේ කතා බහට ලක් වුණු හොඳම පරිගණක මෘදුකාංග වෙත.

Best Software This Week

Younited

Younite-by-F-secure
අන් කවරදාටත් වඩා අප පෞද්ගලිකත්වය ගැන අවධානය යොමු කරන කාලයක් තමයි මේ. නමුත් අපගේ අන්තර්ජාල දත්ත කිහිප තැනක විසිරී තිබෙනවා. උදාහරණයක් ලෙස අප SkyDrive වල අපගේ ෆයිල්ස් ගබඩා ගරනවා ස්ඒමා Google Drive, Dropbox වැනි සේවාවන්ද එම කාර්‍ය සදහාම භාවිතා කරනවා. මෙමගින් හීන වන අපගේ පෞද්ගලික දත්ත වල ආරක්ෂාව නැවත ළඟා කර දී සියළුම සේවා එම තැනකින් පාලනය කරගන්නට හැකි cloud මූලික සේවාවක් F Secure ආයතනය විසින් Younited හඳුන්වා දුන්නා. 10GB ඉඩක් නොමිලේ ලබා දෙන මෙම සේවාව Windows OS, Windows Phone 8, iOS, Mac, Android යන මෙහෙයුම් පද්ධතීන් වලට සහය දක්වනවා. එමෙන්ම Web Version එකක්ද මෙම සේවාව සතුයි.

Karen’s Directory Printer

Karens-Directory
ඔබ පරිගණකයේ ඇති ෆයිල්ස් වල තොරතුරු මුද්‍රණය කර ගැනීමට හෝ බලා ගැනීමට අවශ්‍යනම් ඒ සඳහා හොඳම මෘදුකාංගය මෙයයි. එනම් එක් ෆෝල්ඩරයක් තුල හෝ සම්පූරණ පරිගණකය තුලම ඇත්තේ කුමන ගොණුද, එහි ප්‍රමාණයන් ආදී විබිධ තිරත්ගුරු මෙමගින් ලබාගත හැකියි. screenshots ලබා ගැනීමටද මෙම මෘදුකාංගය භාවිතා කිරීමට පුළුවන්.

Tips & Tricks for Windows 8.1

ඔබ මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය වන Windows 8.1 ස්ථාපනය කළාද ? නමුත් එහි වැඩ කරන ආකාරය ඔබට වටහා ගැනීමට නොහැකිද ? මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කළ මෙම මෘදුකාංගය මගින් Windows 8.1හි වැඩ කටයුතු කරන ආකාරය පහදා දෙනවා. කුඩා ටියුටෝරියල්ස් රැසකින් සමන්විත මෙහි ඔබ උපරිම ගත කළ යුතු කාලය පැය දෙකක් පමණයි.

UniPDF

UniPDF
PDF යනු ලිපි ගොණු ආදිය ගබඩා කර තැබීමට වගේම හුවමාරු කිරීමටද භාවිතා කළ හැකි ආරක්ෂාකාරී ෆයිල් ෆෝමැට් එකක්. නමුත් ඔබට යම් අවස්ථාවමෙම ගොණු සංස්කරණය කිරීමට අවැසි වුවහොත් එය කිරීමට නොහැකි බව ඔබ දන්නවා ඇති. PDF සංස්කරණය කළ හැකි මෘදුකාංග අන්තර්ජාලයේ ඕණෑතරම් දක්නට ලැබුණත් එම මෘදුකාංග මගින් PDF එකෙහි තිබූ ෆෝමැටිංග්ස් ඒ ආකාරයෙන්ම ලබා ගැනීමට නොහැකියි. නමුත් UniPDF මගින් පහසුවෙන් ෆෝමැටිංග්ස් වෙනස් නොවී PDF සංස්කරණය කිරීමටත් Word, text, images සහ HTML ආකාරයට හරවා ගැනීමටත් හැකියි.

Silent Install Helper

පරිගණකයක් Format කර අවසානයේ කළ යුතු කාර්‍යක් නම් මෘදුකාංග ස්ථාපනය කිරීමයි. එම අවස්ථාවේ මෘදුකාංග රාශියක් ස්ථාපනය කළ යුතුයි. Silent Install Helper මගින් මෘදුකාංග ගණනාවක් එක් වර, විවිධ විමසීම් වලින් තොරව ස්ඨ්ආපනය කරගත හැකියි. අවශ්‍ය වන්නේ මෘදුකාංග ඇති ස්ථානය පෙන්වා දීම පම්ණයි.

FileOptimizer

FileOptimizer
විවිධ ගොණු අන්තර්ජාලය හරහා සුවමාරු කිරීමට මත්තෙන් එහි ෆයිල් සයිස් එක අඩු කර ගැනීමට අප පුරුදු වී තිබෙනවා. මෙම මෘදුකාංගය මගින් ෆයිල්ස් වල ගුණාත්මක භාවය අඩු නොවී ෆයිල් සයිස් එක අඩු කරගත හැකියි. මෙය පෝටබල් ආකාරයේ වැඩසටහනක් නිසා ස්ථාපනය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.

Best Browser Extensions This Week

Daily Tabs

බ්‍රවුසරය විවෘත කළ වහාම සෑමදාම ඔබ විසින් අනිවාර්‍යෙන් පරීක්ෂා කරන වෙබ් අඩවි තිබේද ? මෙම ෆයර්ෆොක්ස් එක්ස්ටෙන්ෂන් එක මගින් එම කාර්‍ය ඔබට පහසු කර දෙනවා. ඔබ ලබා දෙන වෙබ් අඩවි බ්‍රවුසරය විවෘත වන සැනෙකින් ස්වයංක්‍රීයවම විවෘත කර දීමට මෙය සමත්.

Cortex

මෙම ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එක මගින් ඔබ අන්තර්ජාලය පුරා සැරි සරන විට හමුවන Photos, Videos, News, Blogs, Graphics, Links ආදී විවිධ දෑ  Facebook, Twitter, Tumblr, Backplane, Gmail, Instapaper, Posterous, Pocket ආදී ඕණෑම සේවවක  ක්ෂණිකව හුවමාරු කර ගැනීමට අවකාශ සලසා දෙනවා.

Tab Ahead

Tab-Ahead
Google Chrome හි ටැබ්ස් විශාල ගණනක් ඕපන් කළ පසු ඔබට අවශ්‍ය ටැබ් එක සොයා ගැනීමට අපහසුයි. නමුත් මෙම එක්ටෙන්ෂන් එක මගින් එයට විසඳුම සපයා දෙනවා.

Best Software Updates This Week

WinRAR 5.0.1

ජනප්‍රිය compression ටූල් එකක් වන WinRAR සදහා පසුගිය සතියේ අප්ඩේට් එකක් ලැබුණා. මෙමගින් Quick open information නමින් අලුත් පහසුකමක් WinRAR වෙත එක්වී තිබෙනවා. compress කරන ලද ෆයිල්ස් සැනෙකින් විවෘත කර ගැනීමට මෙමගින් ඉඩ සැලසෙනවා.

The Gimp

විවෘත කේත ‍ඡායාරූප සංස්කරණ මෘදුකාංගයක් වන GIMP ද පසුගිය සතියේ ප්‍රධාන අලුත් වීමකට ලක් වුනා. දැන් GIMP මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය වෙතද නිසියකාරයෙන් සහය දක්වනවා. එමෙන්ම එහි අතුරුමුහුණතද වඩා කාර්‍යක්ෂමව භාවිතා කළ හැකි අන්දමට අලුත් කර තිබෙනවා. එමෙන්ම මෘදුකාංගයේ plug-ins සහ library ද ශක්තිමත් කර තිබෙනවා.

TeamViewer 9.0.24322

ඔබගේ ඩෙස්ක්ටොප් එක ශෙයා කර ගැනීමට භාවිතා කළ හැකි ප්‍රසිද්ධ උපයෝගී මෘදුකාංගයක් වන TeamViewer වෙත පසුගිය සතියේ යාවත්කාලීනයත් සමග ප්‍රයෝජනවත් පහසුකමක් එක් වුණා. දැන් ටීම්වීවර් මගින් ටැබ්ස් කිහිපයක connections කිහිපයක් විවෘත කළ හැකියි. ආරක්ෂාව අතින් ගත් කළ two-factor authentication ඵසුකම මේ වෙත එක් කර තිබෙනවා

0 comments:

Post a Comment

thank you your comment