Portable Apps වලට වඩා වැඩි යමක්



 
පරිගනක භාවිතා කරන අය අතර usb flash drive එකක් එනම් අපේ වචනෙන් කිවුවොත් pen එකක් නැති කෙනෙක් හොයාගන්න අමාරුයිනේ. දන්නෙ නැති අයට කෙටියෙන් කිව්වොත් Portable Apps කියන්නේ අපේ පරිගණකයේ Install කරන්නෙ නැතිව Run කරන්න පුළුවන් software විශේෂයක්.  flash drive ගැන කියනවා Portable Apps  ගැන කියනවා ඔයල හිතනව ඇති මට පිස්සු කියල, එහෙමත්ම නෑ මන් කියන්න යන දේ අතර සම්බන්දයක් තියනව.


දැන් ඔයාලගෙ flash drive එක අරන් ඔයල හැම තැනම යනවනෙ ගොඩක් පරිගනක වලට සම්බන්ද කරල වැඩ කරනවනේ, ඉතින් ඔයලට දැනිල නැද්ද වෙන පරිගනකයක් use කරනකොට පොඩි අපහසුවක් ඒ කියන්නෙ ඔයල වැඩ කරන්න හුරු වුන softwares ඒ පරිගනකයේ නැත්තම් ඔයලට මල පනිනවනේ. ඉතින් මන් අද ඔයලට ඒකට විසදුමක් දෙන්නයි යන්නෙ.

මේක app එකක්, මේකෙන් පුලුවන් ඔයලට portable විදිහට ඔයාලගෙ softwares අරගෙන යන්න. portable apps ගොඩක් තිබ්බත් මන් අද මේ කියන app එකේ විශේෂ්‍යත්වය තමා ඒව පිලිවෙලට menu එක්ක පෙන්වීම. ඒ කියන්නේ ඔයලගෙ com එකේ start menu එකෙ වගෙ ඔයාලගේ flash drive එකේ තියන Portable Apps  ටික පෙන්නනව. ඒ කියන්නේ මෙන්න මේ වගේ. පට්ට නේ......

 ඉතින් මේ Portable Apps  කියන software එක ඔයාලට පහලින් බා ගන්න පුලුවන්.


http://adfoc.us/19397235682892

download කරගෙන මේක සාමාන්‍ය software එකක් වගේම install කරන්න හැබැයි මෙය Install කරයුතු ස්ථානයක් ලබාදිය යුතු වෙනවා. එහි Browse බට්න් එක ක්ලික් කරලා, ඔබේ USB Drive එක තොරා දීමෙන් අනතුරුව Install කරන්න. Install වීමෙන් අනතුරුව Window එකක් දකින්න පුළුවනි.

දැන් අපි අනෙකුත් Portable Apps සියල්ල Install කරන්නෙ, මේ හරහාය. මෙහි තිබෙනවා Apps ලෙස Option එකක්, එය ක්ලික් කර, Get More Apps ක්ලික් කරන්න.එවිට අළුත් Windows එකක් දකින්න පුළුවන්, මෙහි ඔබට Portable Apps සිය ගණනක් දකින්න පුළුවන්, ඒ වගේම එහි Details බලන්නත් පුළුවන්, බලන්න Category කරලා තියෙන්නේ Apps සියල්ලම, ඔයාලට කරන්න තියෙන්නේ, මෙතනින් අවශ්‍ය Apps ඉදිරියෙන් හරි ලකුන යොදාගන්න එක, අවශ්‍ය Apps තොරාගැනීමෙන් අනතුරුව Next බට්න් එක ක්ලික් කරන්න.එවිට ඔබ විසින් තෝරාගත් Apps Download කිරීම සිදුවෙනවා. ඉන් අනතුරුව Install වීම සිදුවේ.

දැන් ඔබගේ flash drive එකේ Portable Apps Icon එක click කර බලන්න ඔබගේ Portable Apps ඔබට පෙනේවි. ඒවා සාමාන්‍ය ලෙසම ඔබට open කර ගත හැක.

තවත් යමක් කියල දෙන්නම්. දැන් ඔයාලට හිතෙනව ඇති මේකේ තියන apps වලට අමතරව ඒ list එකේ නැති Portable Apps ඔයාලට මේකට දාගන්න බැරි වෙයි කියල. නෑ මන් ඒකත් කරන්න කියල දෙන්නම්.

ඔයාලගෙ pen එකේ දැන් ඇති අළුතින් හැදුනු folders. ඉතින් ඒ එක්ක ඇති ඔයාල download කරපු Portable Apps තියන folder එකක්. ඔයාලට මේ folder එකේ ඒ ඒ Portable Apps වල නමින් sub folders හදල ඒවට පිටතින් download කරන Portable Apps දාගන්න. ඊට පස්සෙ pen එක eject කරල නැවත සවි කල විට pen එකේ Portable App එකේ menu එක තුල ඔයාලගෙ අළුත් Portable Apps බලාගන්න පුළුවන්.

0 comments:

Post a Comment

thank you your comment