Windows 8 සඳහා අලුත් හා සුපිරි ස්ටාට් මෙනුවක්

                                 revive_sm
දැන් බොහෝ දෙනා තමන්ගේ පරිගණක වලට Windows 8 ස්ථාපනය කරගෙන අවසන්. නමුත් පෙර තිබූ ප්‍රශ්න නම් තවමත් එහි පරිශීලකයන්ට තිබෙනවා. ස්ථාපනය කර ඇති මෘදුකාංග ක්ෂණිකව ක්‍රියාත්මක කර ගැනීම සඳහා Start Menu එක නොමැති වීම කවුරුත් මුහුණදෙන පොදු ගැටළුවක්. මෙයට පිළියමක් ලෙස තෙවන පාර්ශවීය මෘදුකාංග ඇසුරින් ස්ටාට් මෙනු එකක් විඔන්ඩෝස් 8 වෙත එක් කරගන්න පුළුවන් බව අපි මීට පෙර කතා කළා. එවැනි ස්ටාට් මෙනු අතරින් අලුතෙන්ම කරළියට පැමිණි තවත් එක් ආකර්ෂණීය ස්ටාට් මෙනු එකක් ගැනයි මේ.


මේ හා සමාන අනෙක් මෘදුකාංග වලට සාපේක්ෂව Start Menu Reviver නම් මෙම මෘදුකාංගයේ ඇති ප්‍රධානම වෙනස නම් සාමාන්‍ය අයිකනටාඑති ස්ටට් මෙනුව වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ අනන්‍යතාවය සුරැකෙන පරිදි ටයිල් එක් කර තිබීමයි. එනිසා ටච් ස්ක්‍රීන් උපාංග සමඟද මෙම මෘදුකාංගය බොහෝ පහසුවෙන් භාවිතා කරන්නට පුළුවන්. පහත දී ඇති සබැඳියෙන් Start Menu Reviver මෘදුකාංගය නොමිලේ බාගත කළ හැකියි.
                                                      
                                                              
http://adfoc.us/19397235883691


ස්ටාට් මෙනුව ක්‍රියාත්මක කළ පසු ඔබට එය පහත පරිදි දර්ශනය වනු ඇති. මෙහි ටයිල්ස් ඔබට කැමති පරිදි ඔබගේ ඇප්ස් වලට හෝ කැමති වෙබ් අඩවියකට ඈඳා ගත හැකි වීම විශේෂත්වයක්. ස්ටාට් මෙනුවට අමතරව එහි වම් පස තවත් තීරුවක් දක්නට ඇති බව ඔබට පෙනේවි. එමගින් user accounts, network and sharing center, recent apps, start search, tasks, run console, සහ ඔබ ස්ථාපනය කර ඇති apps වලට පහසුවෙන් ළඟාවිය හැකියි.


Start-Menu-Reviver
Settings අයිකනය මගින් Control Panel, Device Manager, Scheduled Tasks, Services, Action Center, Start Menu Settings, Windows Firewall සහ Updates වැනි වැදගත් සැකසීම් වලට ක්ෂණිකව යොමු වීම සඳහා සකසා තිබෙනවා.
start-menu-reviver2
Apps අයිකනය මත ක්ලික් කොට Add Tile තෝරා ගැනීමෙන් ස්ටාට් මෙනුව සඳහා අලුත් ටයිල් එකක් එක් කරගත හැකියි.  ඔබ කැමති වෙබ් අඩවියකට හෝ ස්ථාපනය කර ඇති මෘදුකාංගයකට අදාළව මෙසේ ටයිල්ස් එක් කරගන්න පුළුවන්. එමෙන්ම එම ටයිල් එකේ වර්ණය, පෙනුමද වෙනස් කරගත හැකියි. විවිධ වැඩසටහන් වලට අදාළ වූ ටයිල්ස් ගණනාවක් මෘදුකාංගය තුළ අන්තර්ගතයි. එසේ නැතහොත් ඔබ කැමති ටයිල් එකක් භාවිතා කිරීමටද මෙහි අවකාශ තිබෙනවා.
Create-Tile
Windows 8 භාවිතා කරන බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වන තවත් එක් දෙයක් නම් Shut Down මෙනුවක් නොමැති වීමයි. නමුත් ඔබ Start Menu Reviver භාවිතා කරන්නේනම් ඒ සඳහා විසඳුමක්ද ඔබට ලැබෙනවා.
startmenu_shutdown

0 comments:

Post a Comment

thank you your comment