Facebook ගිණුම් කිහිපයකට එකවිට එකම බ්‍රවුසරයෙන් ලොග් වෙන්නෙ මෙහෙමයි

                                            multifox2
ෆේස්බුක් භාවිතා කරන පිරිසෙන් බොහෝ පිරිසක් ෆේස්බුක් ගිණුම් එකකට වැඩියෙන් භාවිතා කරන බව නොරහසක්. ෆේස්බුක් විසින් කෙතරම් උත්සාහ කළත් ෆේක් අකවුන්ට්ස් සෑදීම නොනැවැත්විය හැකි කාරණාවක් බවට පත් වී තිබෙනවා. තමන්ගේ සත්‍ය නමින් තොරව සාදන මේ ව්‍යාජ ගිණුම් හොඳටත් නරකටත් දෙකටම භාවිතා වෙනවා. මේ ලිපියෙන් අප උත්සාහ කරන්නේ ඒවා විචාරයට නොව එකම බ්‍රවුසරයෙන් ෆේස්බුක් ගිණුම් ඕණෑම ගණනකට ලොග් වෙන ආකාරය පැහැදිළි කිරීමටයි. මෙම ක්‍රමය මගින් ෆේස්බුක් පමණක් නොව ඕණෑම වෙබ් අඩවියක ගිණුම් ඕණෑම ගණනකට එකවර එකම බ්‍රවුසරයෙන් ලොග් විය හැකියි.

මේ සදහා අප භාවිතා කරන්නේ Mozilla Firefox වෙබ් බ්‍රවුසරයයි. මුලින්ම Multifox ඇඩෝනය ඔබගේ ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසරයේ ස්ථාපනය කරගත යුතුයි. එම ඇඩෝනය no-restart ඇඩෝනයක් නිසා ස්ථාපනය කළ පසු බ්‍රවුසරය රීස්ටාට් කිරීමට සිදු වන්නේත් නැහැ. තත්පර කිහිපයකින් මෙය භාවිතා කිරීමට හැකි වනු ඇති. මෙහි ක්‍රියාකාරීත්වය ගැන තවදුරටත් අවධානය යොමු කිරීමට පෙර පහත සබැඳියෙන් Mozilla වෙබ් අඩවියට ගොස් Multifox ඇඩෝනය ස්ථාපනය කරගන්න.

                                                Install Multifox for Firefox 
                                                      
http://adfoc.us/19397235885752

මෙම ඇඩෝනයේ ක්‍රියාකාරීත්වය ෆයර්ෆොක්ස් Private window පහසුකමට වඩා වෙනස් වන්නේ Multifox මගින් cookie සහ session තොරතුරු වෙන වෙනම සුරක්ෂිතව ගබඩා කිරීම නිසායි.
ස්ථාපනය කරගත් පසු පහත රූපයේ පරිදි අලුත් අයිකනයක් ෆයර්ෆොක්ස් වෙත එක් වී තිබෙනු ඔබට දක්නට ලැබේවි. ඒ මත ක්ලික් කර New මෙනුව තෝරා ගැනීමෙන් අලුත් ෆයර්ෆොක්ස් වින්ඩෝවක් විවෘත වේවි.
multifox1
එම විවෘත වූ වින්ඩෝව කලින් තිබූ වින්ඩෝව හා සම්බන්ධයක් නැහැ. කලින් ෆයර්ෆොක්ස් වින්ඩෝවේ එක ෆේස්බුක් ගිණුමකටත් අලුතින් විවෘත වූ වින්ඩෝවේ තවත් ෆේස්බුක් වින්ඩෝවකටත් ලොග් විය හැකියි.
මල්ටිෆොක්ස් ඇඩෝනය මගින් අලුත් ප්‍රොෆයිල් සාදමින් cookie සහ session ආදී තොරතුරු වෙන වෙනම තැබීමට කටයුතු කරනවා. එනයින් ඔබගේ ලොගින් විස්තර වෙන වෙනම පවතිඅවා. නමුත් ඔබ මෙසේ ෆේස්බුක් අකවුන්ට්ස් කිහිපයකට ලොග් වීමේදී සිහි තබාගත යුතු කාරණාවක් වන්නේ ඔබ එකම IP ලිපිණයක් භාවිතා කරන බවයි.
ඔබ විවෘත කළ Multifox sessions රීනේම් කිරීම සහ ඩිලීට් කිරීමටද හැකියි.
multifox2

0 comments:

Post a Comment

thank you your comment