Flash Animation එකක් auto run වන සේ CD එකක Write කිරීම

කතා නැතුව වැඩේට බහිමු. මුලින්ම Flash මෘදුකාංගයේ File menu එකේ publish settings යන්න තෝරන්න. එහි Format tab එකේ Type තීරුවේ ඇති windows projector (.exe) යන්න මත () ලකුණ සටහන් කොට, ඊට ඉදිරියෙ ඇති Folder Button එක මගින් save වන්නට ස්ථානයක් ලබා දෙන්න. දැන් මෙම .exe File එකත්, CD එකේ Icon එක ලෙස බාවිතා කිරීම්ට සුදුසු Icon එකකුත් යන File දෙකම එකම තැනකට copy කර ගන්න (new folder). දැන් එම folder එකටම පහත ආකාරයට සදා ගන්නා autorun.inf File එකද copy කර ගත යුතුය. ඒ සදහා notepad එකේ පහත පරිදි code ලියන්න.
[autorun]
open = MyApp.exe
icon = MyCD.ico
මෙහි MyApp වෙනුවට project File එකේ නමත් MyCD වෙනුවට Icon file එකේ නමත් යොදන්න. දැන් notepad එකේ save as වෙත ගොස් save as type එකෙහි All File යන්න select කරන්න. File name එක ලෙස autorun.inf ලබා දෙන්න. ඉන්පසු save කරන්න. දැන් මෙම file 3ම folder ඇතුලට නොදා CD එකකට write කරන්න. පරිගනකයට CD එක දැමූ ගමන් CD එක auto run වේ.     

0 comments:

Post a Comment

thank you your comment