ලිංගික අධ්‍යාපනය සඳහා ඇති හොඳම YouTube චැනල් 5ක්

                                              Laci-Green
අපේ රටේ ලිංගිකත්වය ගැන කතා කිරීම එළි පිට සිදු නොවන තරම්. එසේ කවුරුන් හෝ කතා කළොත් එම තැනැත්තා සල්ලාලයෙක් යැයි බොහෝ දෙනා සිතනවා. මේ නිසා ලිංගික අධ්‍යාපනය ලංකාවේ රහසිගත මාතෘකාවක්. බොහෝ පිරිමි ළමුන් මිතුරන්ගෙන් හා අන්තර්ජාලයෙන් මේ ගැන ඉගෙන ගන්නවා. ගැහැණු ළමුන් බොහෝ විට තම පළමු පාඩම හදාරන්නේ තම පෙම්වතාගෙන්. ඔවැනි තත්ත්වයක් තිබියදී අප ලොව අනෙක් රටවල ලිංගික අධ්‍යාපනය ඉතා හොඳ මට්ටමක පවතිනවා. ඉතින්, මේ YouTube චැනල් 5 ලිංගිකත්වය ගැන ඔබ නොදත්දෑ ඉගෙන ගැනීමට ඔබට බොහෝ උපකාරී වේවි.

Sexplanations

Lindsey-Doe
Dr. Lindsey Doe විසින් මෙම ‍Youtube චැනලය මෙහෙයවනවා. පහත ඇති අනෙක් චැනල වලට සාපේක්ෂව මෙය තරමක් අලුත් චැනල් එකක්. Lindsey යනු Human Sexuality ගැන ආචාර්‍ය උපාධියක් හිමි clinical sexologist කෙනෙක්. ක්ෂේත්‍රයේ පළපුරුදුකම් ඇති විද්වත් අයෙක් මෙහෙයවන එකම යූටියුබ් චැනල් එක මෙයයි. ලිංගිකත්වය පමණක් නොව ජීවිතයට හා සෞඛ්‍යට සම්බන්ධ බොහෝ කරණා ඇයගෙන් දැනගත හැකියි. අනෙක් චැනල වලට සාපේක්ෂව බොහෝ කරුණු ඉගෙනීමට හැකි බොහෝ පරිණත අදහස් සහිත මේ වීඩියෝ සියල්ලම නැරඹීම ඔබේ ජීවිතයට වැදගත් වනු නියතයි.

Sex+ With Laci Green

Laci-Green
Dr. Lindsey ගේ චැනලය එසේ ජනප්‍රිය වෙමින් තිබියදී දැනටමත් වීඩියෝ 160කට වඩා අධික ප්‍රමාණයක් සහිත මෙම චැනලය මෙහෙය වන්නේ 23න් හැවිරිදි Laci Green විසින්. මෙම විෂය සම්බන්ධව බොහෝ පුළුල් කලාපයක බොහෝ තොරතුරු සහිඔතව මෙම වීඩියෝ නිපදවා තිබෙනවා. එමෙන්ම අසන්නන්ගෙන් ලැබෙන ප්‍රශ්න වලට පිළිතුරු දීමටද ඇය අමතක කොට නැහැ. ඇය මේ වන විට Planned Parenthood සංවිධානය සමඟ එක්ව තවත් YouTube චැනල් එකක් සඳහාද, Discovery Channel සමඟ DNews වැඩසටහනද සම්පත්දායකත්වය සපයනවා.

A Naked Notion

A-Naked-Notion-1
කලින් සඳහන් කළ Laci Green සම්පත් දායකත්වය සපයන අනෙක් චැනල් එක මෙයයි. Planned Parenthood හා සමඟ Laci විසින් දැනට වීඩියෝ 410කට අධික ප්‍රමාණයක් මේ වෙත එක්කර තිබෙනවා.

Carlin Ross

carlin-ross-betty-dodson
මෙම YouTube චැනලයේ ඇති වීඩියෝ සියල්ලම පාහේ Carlin Ross හේ සහ ලිංග විද්‍යාව ගැන ආචාර්‍ය උපාධියක් හිමි Betty Dodson ගේ සම්පත් දායකත්වයෙන් යුක්තයි. දැනට මෛ වීඩියෝ 270කට අධික ප්‍රමාණයක් අඩංගු වෙනවා.

Planned Parenthood Health

planned-parenthood
මේ Planned Parenthood හි නිල YouTube චැනලයයි. දොස්තර වරුන් සමඟ කෙරෙන සම්මුඛ සාකච්ඡා වල සිට ඇනිමේටඩ් වීඕඩියෝස් දක්වා විවිධ මාතෘකාවන් ඔස්සේ වීඩියෝ රැසක් මෙහිත් අන්තර්ගතයි. මෙහි වීඩියෝ අතර සම්බන්ධයක් හෝ රටාවක් නොමැති වුවත් මෙය සඳහන් කිරීම වටින්නේ වීඩියෝ වලින් ඉගැනුමට අවශ්‍ය බොහෝ දෑ උකහා ගත බැවිනි.

0 comments:

Post a Comment

thank you your comment