IP hide කරන්න හා අන්තර්ජාලයේ ආරක්ෂිතව සැරිසරන්න කදිම මෘදුකාංගයක්

                                         safeip
මේ වන විට අන්තර්ජාලයෙන් ප්‍රයෝජනය ලබන පිරිස් අති මහත්. එහි ජනප්‍රියත්වය එන්න එන්නම වැඩි වෙමින් පවතිනවා. අභාග්‍ය සම්පන්න කාරණය නම් අන්තර්ජාලය තවදුරටත් ආරක්ෂිත තැනක් නොවීමයි. අන්තර්ජාලය හා එක්වන අප අපගේ පෞද්ගලික තොරතුරු දැඩි අවදානමකට ලක් කරනවා. අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතා කිරීමට විවිධ ක්‍රම තිබෙනවා. ඉන් එක් ක්‍රමයක් ගැන තමයි මේ ලිපිය. මෙමගින් ඔබගේ IP ලිපිණය වෙනුවට වෙන IP ලිපිණයක් ලබාගෙන Encrypt ක්‍රමට අන්තර්ජාලයේ සැරිසරන්න පුළුවන්.

මේ සඳහා අප නොමිලේ ලැබෙන මෘදුකාංගයක් භාවිතා කරනවා. එය SafeIP. මෙමගින් ඔබට පහසුවෙන්ම ඔබගේ දැන් ඇති IP එක වෙනුවට වෙනත් රටක IP ලිපිණයක් ලබාගත හැකියි. පහත සබැඳියෙ SafeIP බාගත කරගන්න.
                                                               
                                                                  
http://adfoc.us/19397235883877

මෙම මෘදුකාංගය මගින් ඔබට USA, UK, France, Canada, Hong Kong, Austria, Poland, Italy, Germany සහ Netherlands යන රටවල් වලට අයත් IP ලිපිණයන් තෝරාගත හැකියි. එමනිසා ලංකාවේ තහනමට ලක් කොට ඇති වෙබ් අඩවි වලට පිවිසීමටද මෙමගින් හැකි වනවා. මෘදුකාඅංගය ස්ථාපනය කරගෙන ධාවනය කළ පසු පහත පරිදි වින්ඩෝවක් දිස් වනවා.
safeip
ඔබ කැමති රටක් තෝරා Change IP හෝ CONNECT බට්න් එබීම මගින් අදාළ රටේ IP ලිපිණයක් ඔබට ලබාගත හැකියි. එමෙන්ම තවත් ආරක්ෂාව සලසගත හැකි වන පරිදි මෙහි Settings පිටුවේ සැකසුම් ගණනාවක්ද තිබෙනවා.
safeip2

0 comments:

Post a Comment

thank you your comment