Start මෙනුවේ සිට Internet පිරික්සීම



Start menu search box එක ඔබේ පරිගනකයේ පිරික්සීම් කටයුතු සදහා කදිම මෙවලමකි. අද මන් කියල දෙන්නෙ ඒකෙ මෙහෙය දෙගුන කරමින් Internet  පිරික්සීම සදහා උපයෝගී කරගන්නා ආකාරයයි. මෙම විශේෂාංගය සකසා ගන්නේ මෙසේය.
  • Start menu search box එකේ GPEDIT.MSC ලෙස type කර OK කරන්න. එවිට Local Group Policy Editor වින්ඩෝව Open වෙයි.
  • එහි වම් පැනලයේදී පිලිවෙලින් User Configuration > Administrative Templates > Start Menu and Taskbar යන නිවේශන එකින් එක select කරන්න.
  • ඉන් පසු දකුණු පැනලයේ Add Search Internet to Start Menu විකල්පය Double click කරන්න. ඉන් පසු එන window එකේ ඉහල වම් කෙලවර ඇති විකල්ප අතරින් Enabled විකල්පය තෝරා Apply කර Ok කරන්න. 
දැන් ඔබට Start මෙනුවේ සිට Internet පිරික්සීම කල හැක.  Start menu search box එකේ search term එකක් type කල විට Search the Internet ලෙස link එකක් දිස්වේ. එය click කල විට ඔබගේ default web browser එක මගින් අදාල පිරික්සුම සිදුවේ. මන් හිතනව මේක  අලුත් දෙයක් කියල ඒ නිසා commnt එකක් දාන්න අමතක කරන්න එපා. 
සැයු: 
මෙම trick එක රදා පවතිනුයේ Group Policy Editor මතය. එමනිසා  windows 7 Home Pentium , Starter හෝ Home Basic යන සංස්කරණ තුල සාර්ථක නොවනු ඇත. 

0 comments:

Post a Comment

thank you your comment