පෙන් එකේ දත්ත හුවමාරු වේගය වැඩි කරන ආකාරය

                                             1
පරිගණක භාවිතා කරන බොහෝ දෙනා දත්ත හුවමරු කිරීම සඳහා භාවිතා කරන්නේ pen drives. නමුත් සමහර අවස්ථා වලදී විවිධ හේතූන් නිසා පෙන් එකකට ෆයිල්ස් කොපි කිරීමට අධික වේලාවක් ගත වෙනවා. පෙන් ඩයිව් එකේ පවතින විවිධ errors සහ පෙන් එකේ වයස මෙයට බලපානවා. නමුත් පෙන් එකට ෆයිල්ස් කොපි වන වේගය නැවතත් සුපුරුදු තත්ත්වයට හෝ ඒටත් වඩා වැඩි තත්ත්වයකට ඉහළ නංවාගැනීමට හැකියි. මේ ලිපියෙන් එය කරන ආකාරය විමසා බැලෙනවා.

පෙන් ඩ්‍රයිව් එකකින් ෆයිල්ස් කොපි කිරීමේදී හෝ පෙන් ඩයිව් එකට ෆයිල්ස් කොපි කිරීමේදී වැඩියෙන් වේළාව ගත වීමට ප්‍රධාන කාරණා කිහිපයක් බලපානවා. හුවමාරු වන ෆයිල් වර්ගය ප්‍රධාන වශයෙන්ම මෙහිදී සැළකිය යුතුයි. මෘදුකාංග වැනි ඇප්ලිකේෂන් ෆයිල්ස් වලට වඩා වේගයෙන් mp3 ආදී ගොණු ඉක්මනින් හුවමාරු වන බව ඔබ අත්දැක ඇති.
එමෙන්ම ඔබගේ පෙන් එකේ වයස හුවමාරු වේගයට කෙළින්ම බලපානවා. කල් ගතවන විට නිතර භාවිතා කරන පෙන් ඩ්‍රයිව් වල විවිධ දුර්වලතා ඇති වීම මෙයට හේතුවයි.
අද බොහෝ විට භාවිතා වන්නේ USB2.0 තාක්ෂණයයි. නමුත් ඔබගේ පෙන් එක USB 1.1 එකක්නම් එහි ෆයිල් හුවමාරු වේගය සාපේක්ෂව අවමයි.
ඉහත සඳහන් කළ කරුණු තුන අපට වෙනස් කළ නොහැකියි. නමුත් අපට වෙනස් කළ හැකි කාරණා වෙනස් කර ෆයිල් ට්‍රාන්ස්ෆර් වේගය ඉහළ නංවා ගන්නා ආකාරය මෙසේයි.

NTFS File System එක භාවිතා කිරීම

1
4GB වලට වඩා වැඩි ගොණු ට්‍රාන්ස්ෆර් කිරීම සඳහා පෙන් එක NTFS ලෙස ෆෝමැට් කර තිබීම අවශ්‍ය වෙනවා. My Computer තුළින් ඔබගේ පෙන් ඩ්‍රයිව් එක මත Right ක්ලික් කොට format විධානය ලබා දෙන්න. ලැබෙන වින්ඩෝවෙන් පහත පරිදි NTFS තෝරා Start බට්න් එක ඔබන්න.

Disk Errors ඉවත් කිරීම

2
ඉන්පසු පෙන් එක මත රයිට් ක්ලික් කොට properties තෝරා Tools ටැබ් එකට යන්න. එහි ඇති check-now බට්න් එක ඔබා ලැබෙන කුඩා වින්ඩෝවෙන් පහත රූපයේ ආකාරයට සලකුණු කර Start බට්න් එක ඔබන්න.

Device Policy වෙනස් කිරීම

properties වින්ඩෝවේම hardware ටැබ් එක වෙත ගොස් ඔබගේ පෙන් එක තෝරා පහල ඇති properties බට්න් එක ඔබන්න. ඉන්පසු ලැබෙන වින්ඩෝවෙන් Change Settings බට්න් එක ඔබන්න.
                                      3
ඉන්පසු policies ටැබ් එක වෙත ගොස් පහත රූපයේ පරිදි Better Performance තෝරා OK කරන්න. අනතුරුව ඔබගේ පරිගණකය Restart කරන්න.
4

 
 
**ඉහත පියවරේදී better performance තෝරා දුන් පසු ඔබගේ පෙන් ඩ්‍රයිව් එක පරිගණකයෙන් ඉවත් කිරීමේදී අනිවර්‍යෙන් Safely Remove විධානය භාවිතා කිරීමට අවශ්‍යයි. එය පෙන් එකේ ආයු කාලය වැඩි කර ගැනීමට හේතු වනු ඇති.**

0 comments:

Post a Comment

thank you your comment