එදිනෙදා පරිගණක භවිතයේදී දත්ත හුවමාරු කිරීම සදහා අප නිතරම භාවිතා කරන්නේ USB Flash Drives (පෙන් ඩ්‍රයිව්ස්). සමහර අවස්ථා වලදී අප විවිධ පෞද්ගලික දත්ත පෙන් ඩ්‍රයිව්ස් වල ගබඩා කරනවා. පෞද්ගලික ඡායාරූප, වැදගත් ලියකියවිලි මෙවැනි කුඩා උපකරණයක ගබඩාකොට තැබීම තරමක අනාරක්ෂිත කටයුත්තක්. ඔබගේ පෙන් එක පාස්වර්ඩ් දමා ආරක්ෂා කර තැබීම එය අන් අයෙකුගේ අතට පත් වුණොත් සිදුවන හානිය වළක්වා ගැනීමට රුකුලක් වෙනවා. මෙම ලිපිය මගින් අප අවධානය යොමු කරන්නේ කුඩා නමුත් ඉතා විශ්වාසනීය මෘදුකාංගයක් වෙත. එමගින් ඉතා පහසුවෙන් ස්ථාපනය කිරීමකින් තොරවම ඔබගේ පෙන් ඩ්‍රයිව් එක ආරක්ෂා කරගත හැකියි.

ඉහත සබැඳියෙන් ඩවුන්ලෝඩ් වන්නේ zip ගොණුවක්. එය ඔබට ලොක් කිරීමට අවශ්‍ය පෙන් ඩ්‍රයිව් එකට (හෝ හාඩ් ඩිස්ක් එක වෙතට) extract කරගන්න. Extract වූ පසු එහි Vault නම් ෆෝල්ඩරයක් ඇති බව ඔබට දක්නට ලැබේවි.
එහි Username සහ Password කැමති ආකාරයකට ලබාදෙන්න check box එක ක්ලික් කර Login බට්න් එක ඔබන්න. එවිට ඔබගේ තිරය දකුණු පස පහළ කෙළවරට G අකුර සහිත කුඩා අයිකනයක් පැමිණෙනවා. ඒ මත ක්ලික් කර විට පහත පරිදි දැකගැනීමට පුළුවන්.
ඔබ වෙනත් පරිගණකයකට පෙන් එක සම්බන්ධ කළත් Granite Portable Launcher ඩබල් ක්ලික් කිරීමෙන් Vault ෆෝල්ඩර් එක ලොක් කිරීම සහ අන්ලොක් කිරීම සිදු කළ හැකියි.
**මෙම මෘදුකාංගය භාවිතා කිරීම සඳහා ඔබගේ පෙන් ඩ්‍රයිව් එක NTFS ආකාරයෙන් ෆෝමැට් කර තිබිය යුතුයි**
0 comments:
Post a Comment
thank you your comment