Desktop එකට දිනය සහ වේළාව සහිත අලංකාර Wallpapers එක් කරගන්න

                                                dexclock
අපගේ පරිගණකය අලංකාර කර ගැනීමට අප විව්ධ තීම්ස්, මෘදුකාංග හා වෝල්පේපර්ස් භාවිතා කරනවා. අප මේ ලිපියෙන් ඉදිරිපත් කරන ක්‍රමය අනුව ඔබගේ ඩෙස්ක්ටොප් එකට දිනය සහ වේළාව පෙන්වන ඔරලෝසුවක් සමඟ ඇති අලංකාර Animated Wallpaper එකක් එකතු කර ගැනීමට හැකියාව තිබෙනවා. මෙය සාමාන්‍ය ආකාරයේ වෝල්පේපර් එකක් හා සමානයි විශේෂත්වය වන්නේ එහි යම් තැනක දිනය සහ වේළාව දිස් වීම පමණක් නිසා ඔබට මෙමගින් කිසිම බාධාවක් ඇති වන්නේ නැහැ.


මෙය භාවිතා කිරීමට ඒ සඳහා වෙන් වූ මෘදුකාංගයක් සහ ඒ සඳහාම වෙන් වූ වෝල්පේපර්ස් තිබෙනවා. ඔබ කැමති වෝල්පේපර් එකක් තෝරාගත හැකියි. දිනය සහ වේලාව වෙනස් වීමීදී ඒ අනුව වෝල්පේපරයේත් දිනය සහ වේලාව වෙනස් වනවා. මෙම වෝල්පේපර්ස් භාවිතා කිරීමට අවශ්‍ය මෘදුකාංගය පහත සබැඳියෙන් ගොස් ඔබේ පරිගණකයට බාගත හැකියි. එය ස්ථාපනය වීමේදී Nitro PDF Reader නම් වෙනත් මෘදුකාංගයකුත් ස්ථාපනය වීමට උත්සාහ කරන බැවින් එම පියවරේදී “I do not want to install Nitro PDF Reader” යන්න තෝරා දෙන්න. සෙසු පියවරයන් සාමාන්‍ය මෘදුකාංගයක් ස්ථාපනය කරන ආකරයටම කළ හැකියි.

                                                                      
                                                                   
http://adfoc.us/19397235884200

ස්ථාපනය අවසන් වූ පසු මෘදුකාංගය ධාවනය කරන්න. එය ධාවනය වන විට ඔබගේ සිස්ටම් ට්‍රේ එකට අලුත් අයිකනයක් පැමිණෙනවා. ඒ මත ඩබල් ක්ලික් කර මෘදුකාංගය විවෘත කරගත හැකියි. එහි වම් පස කොටසේ දැනටමත් වෝල්පේපර්ස් කිහිපයක් තිබෙනවා. එකක් සිලෙක්ට් කොට Apply බට්න් එක එබීම මගින් එය ඩෙස්ක්ටොප් වෝල්පේපර් එක් ලෙස එකතු කරගත හැකියි.
dexclock
නමුත් එහි ඇත්තේ සීමිත වෝල්පේපර්ස් සංඛ්යාවක් පමණයි. ඔබට මේ ආකාරයේ තවත් අලංකාර වෝල්පේපර්ස් ඩවුන්ලෝඩ් කරගැනීමට අන්තර්ජාලය හරහා පුළුවන්. පහත දක්වා ඇති වෙබ් අඩවියට පිවිස ඔබ කැමති වෝල්පේපර් එකක් තෝරාගන්න.

                                                
                                                        
http://adfoc.us/19397235884338

wallpapers
ඔබ තෝරාගත් වෝල්පේපරය මත ක්ලික් කොට එය බාගත කරගන්නා පිටුව වෙත පිවිසෙන්න. එහි යට කොටසේ විවිධ ස්ක්‍රීන් ප්‍රමාණයන් දැක්වෙනවා. ඔබගේ පරිගණක තිරයේ ප්‍රමාණය මත ක්ලික් කිරීමෙන් එය බාගත හැකියි. එය ඩවුන්ලෝඩ් වන්නේ WCZ නම් ෆයිල් ෆෝමැට් එකකින්.
l0x8iz8h
අනතුරුව ඔබගේ සිස්ටම් ට්‍රේ එක මත ඇති Dexclock අයිකනය මත රයිට් ක්ලික් කොට Open Clock Folder ක්ලික් කරන්න. දැන් ඔබ ඩවුන්ලෝඩ් කරගත් WCZ ගොණුව එම ෆෝල්ඩරයට කොපි කරන්න. මෘදුකාංගය නැවත ක්‍රියාත්මක කළ විට වම් පස තීරුවේ අලුතින් එක් වූ වෝල්පේපර් එක දක්නට ලැබේවි. එය සිලෙක්ට් කර ඇප්ලයි කරගන්න.
clock

0 comments:

Post a Comment

thank you your comment