computer hardware සිංහලෙන් ඉගනගමු

                                     


ඕනම දෙයක් මුල ඉදල පියවරෙන් පියවර යන එක තමා හොදම දේ ඒක හින්දා අපි මේ විදිහට ඉස්සරහට යමු,හැබැයි පොඩි ප්‍රශ්ණයක් තියනවා මේ ගැන මූලික දැනීමක් තියන අයට මූලික කරුණු එච්චර වැදගත්කමක් නැති වගේ පෙනෙන හින්ද ටිකක් විතර කම්මැලි හිතෙයි ඒ වුනාට අනෙක් අය වෙනුවෙන්  මූලික කරුණු ටිකත් වැදගත් හින්ද පියවරෙන් පියවර යමු.


පරිගණක පද්ධතියක් මූලික කොටස් දෙකකින් සමන්විතයි තව දුරටත් කිව්වොත් පරිගණක පද්ධතියක් කියන්නේ පරිගණක දෘඩාංග (computer hardware) හා මෘදුකංග (software) වල එකතුවක් මෙහිදී භෞතිකව අපට දකින්න පුළුවන් සියල්ල පරිගණක දෘඩාංග විදිහට හදුන්වනවා
 storge drivers,keybord,mouse,monitors,cables,speakers,printer,scanner වගේ දෙවල් මෙයට අයත් වෙනවා මේ සියල්ලේ එකතුවෙන් තමයි පරිගණකයේ යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ,පරිගණකයේ ඇති මෙහෙයුම් පද්ධතිය හා අනෙකුත් සියළුම පරිගණක වැඩසටහන් අයත්වන්නේ මෘදුකාංග (software) කොටසට අපේ පරිගණකය කොහොමද මෙහෙයවන්නේ කියන කාර්යභාරය පැවරෙන්නේ මේ මෘදුකාංග වලට මේක තමයි පරිගණක ක්‍රියාකාරිත්වයේ මූලික සිද්ධාන්තය.

පරිගණක දෘඩාංග හා ඒවායේ කාර්යභාරයන් හදුනාගමු.

computer case and power supply

පරිගණක ආවරණය computer case මගින් පරිගණකයේ අභ්‍යන්තර උපාංග රදවා ගැනීම හා එම උපකරණ ආරක්‍ෂිතව පවත්වාගැනිම සිදුකරනු ලබනවා පොදුවේ සෑම විදුලි උපකරණයකට වගේම පරිගණකයටත් අවශ්‍යවන බල සැපයුම ලබා ගැනීම සඳහා power supply භාවිතා කරනු ලබනවා එසේ වුවත් පරිගණක බල සැපයුමක් අනෙකුත් බල සැපයුම් වලට වඩා වෙනස් දෙයක් ඒකට හේතුව තමා පරිගණකයේ විවිධ උපාංග සඳහා විවිධ වෝල්ටීයතාවයන් යටතේ විදුලි බලය අවශ්‍ය වීම.ඉතින් power supply එක හරහා ප්‍රධාන විදුලි දහරාවෙන් ලැබෙන AC (alternating current) ප්‍රත්‍යාවර්ත විදුලි දහරාව DC(direct current) සරල දහාරාවක් විදුහට හරවලා පරිගණකයේ විවිධ උපාංග වෙත විවිධ වෝල්ටීයතාවයන් යටතේ ලබා දීම සිදුකරනු ලබනවා


Computer case(භාහිර ආවරණය)

coputer case හෙවත් භාහිර ආවරණ සම්බන්දයෙන් අප දැනුවත් විය යුතු කරුණු කිහිපයක් තියනවා   මෙයින් මූලිකම කරුණ වෙනවා නිෂ්පාදන ආකෘතිය එහෙම නැතිනම් හැඩය හා පෙනුම මේකට අපි කියනවා form factor එක කියල පරිගණක ආවරණ ප්‍රධාන වර්ග දෙකකින් අපිට දකින්න පුළුවන් එනම් desktop and tower තිරස් අතට තැබිය යුතු පරිගණක desktop model ලෙස හදුනවන අතර සුලබව දැකිය හැකි සිරස්ව තබන පරිගණක tower model එකට අයිති වෙනවා මෙම කොටස් දෙකේම ආවරණ (case) තවත් කොටස් දෙකකට බෙදෙනවා ඒ mini and full කියන විදිහට මේ කුමන වර්ගයක අවරණයක් වුවත් පහත සඳහන් මූලික අංගවලින් සමන්විතයි.

  • computer chassis
  • cabinet
  • tower
  • box
  •  housing


                                               desktop and tower case

අපගේ අවශ්‍යතාවයට අනුව කුමන වර්ගයේ case එකක් වුවත් ලබාගැනීමේදී මුලික කරුණු කිහිපයක් තියනවා එනම්

  • the size of the motherbord
  • the number of external or internal drive bays
  • avilable space

                                    

the size of the motherbord(ප්‍රධාන පරිපථ පුවරුවේ ප්‍රමාණය)

අප විසින් ලබාගන්නා case එක අනිවාර්යෙන්ම අප සවිකිරීමට බලාපෙරොත්තු වන motherbord එකේ ප්‍රමණය හා සමාන විය යුතුයි

the number of external or internal drive bays(ඇතුලත හා පිටත පවතින රැදවුම් රාක්ක)

case එක තුල පවතින bays එහෙම නැතිනම උපාංග සවිකිරීම සඳහා ඇති රාක්ක ප්‍රමාණය අපගේ අවශ්‍යතාවයට ප්‍රමාණවත්ද?ඉදිරියේදි නව උපාංග සවිකිරීමට අවශ්‍යවුවහොත් ඒ සඳහා අමතර bays පවතිනවාද යන්න සැලකිය යුතු කරුණක්.

avilable space(රැදවීම සඳහා අවශ්‍යවන ඉඩ ප්‍රමාණය)

case එකේ ප්‍රමාණය මධ්‍යස්ත ප්‍රමාණයකින් යුතුවිම සුදුසුයි වඩා විශාල case එකක් සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍යවනවා වගේම හදිසියකදී අළුත්වැඩායාවන් වැනි කටයුත්තකට පරිගණකය රැගෙන යාමට සිදුවන අවස්තාවකදී එයින් අපහසුතා ඇති වනවා,ඒ වගේම කුඩාම ප්‍රමාණයේ ආවරණයක් ලබාගතහොත් පසු කාලිනව පරිගණකයට අමතර උපාංග එකතු කිරීමේදි ඉඩකඩ ප්‍රමාණවත් නොවීමෙන් ඔබ අපහසුතාවයකට පත්විය හැකියා ඒ වගේම ඉතා කිට්ටුවෙන් උපාංග සවිකිරීමට සිදුවීම නිසා අනවශ්‍ය ලෙස යන්ත්‍රය අධිකව රත්වීම සිදුවී උපකරණවලට හානි සිදුවිය හැකියි.

මෙයට අමතරව භාහිර අලාංකාරය case එකෙහි ශක්තිමත්භාවය front panel එකෙහි පවතින usb හි වෙනත් port ප්‍රමණයන් වගේ දෙවල් ගැනත් සැලකිලිමත් විය යුතුයි.case එකේහි පවතින වා කවුළු (air vent) ප්‍රමාණය පිළිබදව සැලකැලිමත් වීමත් අත්‍යවශ්‍ය කරුණක් පරිගණකය ක්‍රියාත්මක වීමේදී ඇතුලත රැස්වන අධික තාපය කූලින් පෑන් හරහා ඉවත් කිරීමට case එකෙහි පවතින වා කවුළු ඉතා වැදගත්


                                           පරිගණක ආවරණයක කොටස්

power supply(බල සැපයුම)



 පවර් සප්ලයි එක මගින් පරිගණකයේ විවිධ උපාංග සඳහා අවශ්‍යවන විවිධ වෝල්ටීයතාවයෙන් යුතු විදුලිබල සැපයුම ලබාදීම සිදුකරන අතර ඉහත පින්තූරයෙන් පවර් සප්ලයි එකක ඇති විවධ වර්ණයෙන් යුත් වයර් හා විවිධ කනෙක්ටර් ඔබට දැකිය හැකියි,පහත වගුවෙන් ඔබට බලන්න පුළුවන් මේ වර්ණ වයර් වලින් කියවෙන දේ ඒ වගේම මෙහි පවතින සියළුම connector keyed connector විදිහටයි හදුන්වන්නේ ඒනිසා සවිකිරීමේදී වැරදීමේ හෝ මාරුවී සවිවීමේ අවධානමක් ඇති වන්නේ නෑ.




 පවර් සප්ලයි එකක ඇති කනෙක්ටර් වර්ග හා ඒවා භාවිතා කරන උපාංග හදුනාගමු.

molex connector



පරිගණකයේ hard disk,optical drive සඳහා විදුලි බලය සැපයීමට මෙම Molex connector එක භාවිතා කරනවා මීට අමතරව පරිගණකයට සවිකරන අමතර කූලින් පෑන් වගේ දෙවල් වලට බල සැපයුම ලබාදීමට භාවිතා කිරීමට සිදුවන්නේත් මෙම වර්ගයේ connector මගින්මයි

berg connector

පරිගණකයේ flopy ධාවකය සඳහා බල සැපයුම ලබාදීමට මෙම berg connector එක භාවිකා කරනවා


 20 pin or 24 pin Atx connector


මෙය ප්‍රධාන පරිපථ පුවරුව (motherbord) සඳහා බල සැපයුම ලබාදීමට භාවිතා කරනු ලබනවා

sata power connector

sata drive සඳහා බල සැපයුම ලබා දීමට මෙම කනෙක්ටරය භාවිතා වේ

12 v processor core voltage connector


p4 ප්‍රොසෙසරය පැමිණිමත් සමග මෙම කනෙක්ටරය power supply එකට අළුතින් එකතු වූවක් p4 වර්ගයේ ප්‍රොසෙසරය සඳහා අවශ්‍යවන බල සැපයුම ලබා දීම සඳහා මෙම කනෙක්ටරය භාවිතා කරනවා

power supply එකක් ලබාගැනීමේදී ප්‍රධන වශයෙන් case එක සමග power supply එක සමාන විය යුතුයි එමෙන්ම එයට සැපයිය හැකි ac වෝල්ටීයතාවය හා වොට් ප්‍රමණය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි .පවර් සප්ලයි එකේ පවතින කනෙක්ටර් වර්ග හා සංඛ්‍යාව ඔබගේ අවශ්‍යතායවට ප්‍රමාණවත්ද? යන කරුණත් අවධානයට යොමුකල යුතුයි.

පවර් සප්ලයි එකක් අක්‍රීව වූ විට අළුත්වැඩියාකර භාවිතා කිරීම සුදුසු නොවන අතර අක්‍රීය එක වෙනුවට අළුතින් එකක් සවිකිරීම අනුමත හා සුදුසු ක්‍රමයයි.කාර්මික දැනුමක් නොමැතිනම් කිසිම විටක පවර් සප්ලයි එකක් විවෘත කිරීම සිදුකරන්න එපා එය තුල පවතින (පින්තූරයේ රතු පැහැති රවුමෙන් පෙන්වා ඇති) අධිබල capacitors වල ගබඩාවී පවතින 300v ඉක්මවන විදුලිබලය මගින් ඔබට අනතුරක් සිදුවීමට ඇති ඉඩ කඩ වැඩියි.

උපුටාගැනීම IT දැනුම බෙදාගමු බ්ලොග් අඩවිය මගින් 

0 comments:

Post a Comment

thank you your comment