වයිරස් ගාඩ් 50කින් ඔබේ පරිගණකය පරීක්ෂා කරගන්න මෘදුකාංගයක්

                                                        
                            Phrozensoft-Virustotal-uploader
හොඳම වයිරස් ගාඩ් එක මොකක්ද ?” යන ප්‍රශ්නය අප බොහෝ දෙනාට තිබෙන හා නිතර අසන්න දකින්න ලැබෙන ප්‍රශ්නයක්. එක් ප්‍රති වයිරස වැඩසටහනකට හසු නොවන වයිරසයක් තවත් ප්‍රතිවයිරස වැඩසටහනකින් හඳුනාගන්නට පුළුවන්. මේ නිසා එම ප්‍රශ්නයට හරියාකාර පිළිතුරක් සපයීම අපහසුයි. නමුත් සැක සහිත ගොණුවක් හෝ ඔබේ පරිගණකයේ ධාවනය වන වැඩසටහනක් දැනට තිබෙන හොඳම ප්‍රතිවයිරස මෘදුකාංග 50කින් පමණ පරීක්ෂා කිරීමට පුළුවන්නම් එහි වයිරස් සහිත හෝ රහිත බව සැක හැර දැනගත හැකියි. මේ ඒ කාර්‍ය එළෙසින්ම ඔබට ඉටු කර දෙන මෘදුකාංගයක්.


                                                            
                                                                   
http://adfoc.us/19397235883292
Virus Total වෙබ් අඩවිය ගැන ඔබ දන්නවා ඇති. එමගින් ඔබ අප්ලෝඩ් කරන ගොණු ප්‍රතිවයිරස මෘදුකාංග 46කින් පමණ පරීක්ෂා කොට බලා ඒ ගොණු වල වයිරස් ඇති  බව හෝ නැති බව ඔබට දැනුම් දෙනවා. අප මේ කතා කරන මෘදුකාංගයේදී සිදුවන්නේ ඔබ ලබාදෙන ගොණු Virus Total වෙබ් අඩවියට අප්ලෝඩ් කොට එමගින් වයිරස ස්කෑන් කිරීමයි. පරීක්ෂාව අවසන් වූ පසු ප්‍රතිඵළ මෘදුකාංගය මගින් අපට ලබා දෙනවා. PhrozenSoft VirusTotal Uploader නම් මෙම මෘදුකාංගය පහත සබැඳියෙන් බාගත කරන්න.
ස්ථාපනය කර ධාවනය කළ පසු ඔබගේ ඩෙස්ක්ටොප් එක මතට පහත පරිදි අලුත් අංගයක් එකතු වී තිබෙනු දක්නට ලැබේවි. ඒ මතට ඔබට අවශ්‍ය ඕණෑම ගොණුවක් Drag කොට Drop කිරීම මඟින් එය ස්කෑන් කරගත හැකියි.
Phrozensoft-Virustotal-drag-drop
එසේත් නැතිනම් මෘදුකාංගය විවෘත කර එහි Upload Process ටැබය මතට Drag කොට Drop කිරීමෙන් හෝ Open බට්න් එක මගින් හෝ අවශ්‍ය ගොණුවක් මෘදුකාංගයට ලබා දිය හැකියි.
Phrozensoft-Virustotal
එන් පසු එය Virus Total වෙබ් අඩවියට අප්ලෝඩ් වීම සිදු වනවා. එහි ප්‍රතිඵළය ලැබීමට මඳ වේලාවක් ගතවනවා.
Phrozensoft-Virustotal_awaiting
ප්‍රතිඵළ ලැබුණු පසු එය පහත පරිදි බලාගත හැකියි.
Phrozensoft-Virustotal-results
මෙහි ඇති තවත් පහසුකමක් වන්නේ ඔබගේ පරිගණකයේ දැනට ධාවනය වන Programs, Processes, Services සහ දැනට සක්‍රීයව පවතින ජාල සම්බන්ධතා ද ස්කෑන් කරගත හැකියි. පරිගණකයේ සැක සහිත Program එකක්, Process එකක් හෝ Services එකක් ධාවනය වන බව ඔබට සිතුනොත් එය සැක හැර දැන ගැනීමට මෙම පහසුකම භාවිතා කළ හැකියි.
Phrozensoft-Virustotal-processes
එපමණක් නොව ඔබට යමෙක් කුමක් හෝ බාගත කිරීමට ලබාදුන් සබැඳියක වයිරස් ඇතිදැයි බලාගැනීමට ද මෙම මෘදුකාංගය භාවිතා කරන්න පුළුවන්. Tools මෙනුවෙන් Download + Scan හරහා ගොස් මෙය සිදු කළ හැකියි.

0 comments:

Post a Comment

thank you your comment